Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

චැරයිටබල් රීයූස් ඔස්ට්‍රේලියා (Charitable Reuse Australia) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, ප්‍රාන්තයේ පදිංචිකරුවන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණය හේතුවෙන් කසළ ටොන් 49,000ක අපද්‍රව්‍ය ඉවත් වී ඇති බවයි සඳහන් වන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රදේශය පුරා සිටින පවුල් ඒකකයන් ජීවන වියදම් අර්බුදය හමුවේ භාවිතා කළ භාණ්ඩ මිලදී ගැනීම මගින් ඩොලර් මිලියන 432ක මුදලක් ඉතිරි කරගෙන ඇති බව අදාළ වාර්තා පෙන්වා දෙනවා.

මෙම උපාය මාර්ගයෙන් විශාල පාරිසරික ප්‍රතිලාභයක් ද සිදුවී ඇති බවයි අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ.

අපද්‍රව්‍ය ටොන් 49,000ක් හරවා යැවීම, ජලය ලිටර් 51,000ක් සහ කාබන් ඩයොක්සයිඩ් ටොන් 321,000ක් ඉතිරි කර ගැනීම සාමාන්‍යයෙන් මෝටර් රථ 134,000ක් මාර්ගයෙන් ඉවත් කිරීමට සමාන බව සඳහන්.

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා සෙකන්ඩ් හෑන්ඩ් භාණ්ඩ අලෙවි කෙරෙන ඔප් ෂොප් (op shops) සහ රීයුස් ෂොප් (reuse shops) 3,000ක් පමණ වන අතර එහි සෑම වසරකම භාණ්ඩ මිලියන 200ක් පමණ අලෙවි කෙරෙන බවයි සඳහන් වන්නේ.

ජනතාව දෙන්නේ තමන් නව භාණ්ඩ මිලදී ගැනීම වෙනුවට භාවිතා කළ භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැල්වලට යාමෙන් විශාල මුදලක් ඉතිරි කර ගත් බවයි.

වාර්තාවෙන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ සෙකන්ඩ් හෑන්ඩ් භාණ්ඩ මිලියන 107.7ක් නැවත සකස් කර ඇති අතර, භාණ්ඩ ටොන් 3,900 ක් නැවත භාවිතය සඳහා අලුත්වැඩියා කර ඇති බවයි.

එමෙන්ම එම භාණ්ඩ අලෙවියෙන් ඩොලර් මිලියන 51ක් රැස් කර සමාජ සහ ප්‍රජා වැඩසටහන් සඳහා ආයෝජනය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »