ඔස්ට්‍රේලියාවේ කෙටිම දිනය සිකුරාදා

ඔස්ට්‍රේලියාවේ කෙටිම දිනය මෙවර ජූනි 21 වන සිකුරාදාට යෙදී තිබෙනවා.

මෙරට කෙටිම දිනය ලෙස හැඳින්වෙන්නේ දහවල් කාලය අඩුවෙන් පවතින එනම් අඩුවෙන්ම සූර්‍යාලෝකය පතිත වන දිනයයි.

මෙදින දීර්ඝතම රාත්‍රි කාලයක් සහ කෙටි දිවා කලයක් සහිත වීම විශේෂත්වයක්.

සෑම වසරකම මෙම දිනය ජුනි මස අවසානයේ යෙදෙන අතර මෙවර යෙදී ඇත්තේ එළඹෙන සිකුරාදා දිනයේදී යි.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හිරු උදාවන වෙලාව වෙනස් වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරයේ හිරු උදාව සිදු වන්නේ පෙරවරු 7.35ටයි. මෙල්බන් නගරය සහ ඒ අවට හිරු බැස යෑම සටහන්ව ඇත්තේ පස්වරු 5.08ටයි.

21 වන සිකුරාදා සිඩ්නි නගරයේ හිරු උදාව උදෑසන 7ට සිදු වන අතර හිරු බැසයෑම පස්වරු 4.53ට සිදු වනු ඇති.

හෝබාට් නගරයට ඉතා ඉක්මනින් රාත්‍රී කාලය උදා වන අතර එහි හිරු බැස යාම පස්වරු 4.42ට සිදු වන අතර එදින හිරු උදාව දක්වන්නේ උදෑසන 7.42 ලෙසටයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »