තරගකාරී ආර්ථිකයක් ඇති රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන

ලෝකයේ වඩාත්ම තරඟකාරී ආර්ථිකයන් සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව 13 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව 2011 වසරේ සිට එම ස්ථානයේ රැදී සිට ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත්තේ රටේ ව්‍යාපාර සහ රජයේ ආයෝජන, ජනගහන වර්ධනය මෙන්ම අයවැය ප්‍රමාණය මත බව සඳහන්.

ස්විට්සර්ලන්තයේ කළමනාකරණ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ 2024 වසර සඳහා ලෝකයේ වඩාත්ම තරඟකාරී ආර්ථිකයන් සහිත රටවල් පදනම් කර ගනිමින්.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ අධ්‍යනය සිදු කර ඇති අතර ආර්ථික ක්‍රියාකාරිත්වය, රජයේ කාර්යක්ෂමතාව, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ යටිතල පහසුකම් ඒ අතර වනවා.

ඒ අනුව ලොව වඩාත්ම තරඟකාරී ආර්ථිකය හිමි රට ලෙස පළමු තැනට පත්වී ඇත්තේ සිංගප්පූරුවයි.

එම ශ්‍රේණිගත කිරීමේදී ස්විට්සර්ලන්තය දෙවන ස්ථානයටත්, ඩෙන්මාකය තරගකාරී ආර්ථිකයක් හිමි 3 වන ලොව බලවත් රාජ්‍ය ලෙසටත් නම් කර තිබෙනවා.

අයර්ලන්තයට එම ශ්‍රේණිගත කිරීමේ 4 වන ස්ථානයත් හොංකොං රාජ්‍ය 5 වන ස්ථානයත් ලැබී තිබෙනවා.

ඇමරිකාව ඔස්ට්‍රේලියාවට වඩා එක් ස්තානයක් ඉදිරියට පැමිණ 12 වන ස්ථානයට පත්ව තිබුණා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »