ලෝකයේ ලාබාලතම ධනවතුන් අතරින් අයෙක් ඔස්ට්‍රේලියාවේ

වසර 15කට පසු ලොව ලාබාලතම තරුණ ධනවතුන් පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

අදාළ වාර්තා අනුව වයස අවුරුදු 33ට අඩු ලොව ලාබාලතම තරුණ ධනවතුන් 25 දෙනෙකු මෙම ලයිස්තුවේ සිටින අතර ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 110ක් බවයි සඳහන් වන්නේ.

අවසන් වරට මෙවැනි වාර්තාවක් 2009 වසරේ නිකුත් කර ඇති අතර නවතම වාර්තා අනුව ලොව ලාබාලතම ධනපතියා වන්නේ වයස අවුරුදු 19ක් වන බ්‍රසීල ජාතික LIVIA VOIGH යි.

ඔහුගේ වත්කම ඩොලර් බිලියන 1.1ක් වන අතර ඔහු කාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය නියෝජනය කරනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ Clemente Del Vecchio යි. ඇය LIVIA VOIGHට වඩා මාස දෙකකින් වැඩිමහල් වන අතර ඇය ඉතාලි ජාතිකයෙක්.

ඇයගේ වත්කම ඩොලර් බිලියන 4.7ක් වන අතර ඇය වත්කම් උපයන ක්ෂ්‍රේත්‍රය ඇස් කණ්ණාඩි වන අතර ලෝකප්‍රසිද්ධ Ray Ban කණ්නාඩි සන්නාමය ද ඇය සතු වත්කමක් වනවා.

ලොව ලාබාලතම ධනපතියන් අතර තුන්වන ස්ථානය ලැබී ඇත්තේ වයස අවුරුදු 20ක් වන Kim Jung Youn ට වන අතර ඔහු online gaming අංශය නියෝජනය කරන ඩොලර් බිලියන 1.4ක් වත්කමක් ඇති තරුණියක්.

එම ශ්‍රේණිගත කිරීමේ 4වන ස්ථානය Kevin David නම් 21 හැවිරිදි ජර්මන් ජාතික තරුණයෙකුට ලැබී ඇති අතර ඖෂධ ගබඩා ක්ෂේත්‍රය නියෝජනය කරන ඔහු ඩොලර් බිලියන 3.3ක් ශුද්ධ වත්කමක් හිමි අයෙක්.

එම ශ්‍රේණිගත කිරීමේ 21වන ස්ථානය ඔස්ට්‍රේලියාවේ Mark Mateschitz හිමි කරගෙන ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 39.6ක් වනවා.

ඔහුගේ වයස අවුරුදු 31ක් වන අතර ඔහුගේ වත්මන් වත්කම ලෙසට සැලකෙන්නේ පියාට අයත් Red bull සමාගමයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »