NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

භාණ්ඩාගාරික ඩැනියෙල් මුකී අද සිය දෙවන අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ ජීවන වියදම් අර්බුධයට ලක්ව සිටින පවුල් සඳහා සහන ලබා දීම වෙනුවෙන් භාණ්ඩ හා සේවා බදු කප්පාදුවෙන් ඩොලර් බිලියන 11.9ක හිඟයක් රජය දරා ගන්නා බවයි.

රජය වියදම් කරන සෑම ඩොලරයක් සම්බන්ධයෙන්ම ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

අයවැයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා පසුගිය මූල්‍ය වර්ෂයේ හිමි වූ මුදලට වඩා වැඩි මුදලක් මෙවර ලබා දීමට නියමිතයි.

පවුල් ඒකකවල බලශක්ති බිල්පත් වට්ටම ඩොලර් 250 දක්වා ද, වෛද්‍ය බලශක්ති වට්ටම ඩොලර් 350 දක්වා ද, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බලශක්ති වට්ටම ඩොලර් 250 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ගෑස් බිල්පත් සඳහා මෙම වසරේ වට්ටමක් හිමි නොවන බවයි සඳහන් වන්නේ.

වට්ටම් සඳහා අයදුම් කිරීම පහසු කිරීම සඳහා රජය නව ප්‍රතිසංස්කරණයක් ද හඳුන්වා දෙන බව භාණ්ඩාගාරිකවරයා ප්‍රකාශ කළා.

නිවාස හා ජීවන වියදම් අර්බුදය සමඟ පොරබදමින් සිටින අවදානමට ලක්විය හැකි පවුල්වලට උපකාර කිරීම සඳහා අයවැය නිර්මාණය කළ බවයි ඔහු අවධාරනය කළේ.

නව නිවාස 8400ක් ඉදිකිරීම සඳහා අයවැය මගින් ඩොලර් බිලියන 5.1ක් වෙන් කර ඇති අතර ගෘහස්ථ හිංසනවලට ලක්වූවන්ට එම නිවාසවලින් 3100ක පමණ ප්‍රමාණයක් ලැබෙනු ඇති.

දැනට පවතින නිවාස 33,500ක් අලුත්වැඩියා කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් යොදවනු ඇති අතර හදිසි නිවාස ඉදි කිරීම් සහ නිවාස නොමැති අයට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් මිලියන 528ක් ද වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

අත්‍යවශ්‍ය සේවකයින් සඳහා කුලි නිවාස ඉදි කිරීම වෙනුවෙන් සිඩ්නි මෙට්‍රෝ හි නිවාස ඉදිකිරීම සඳහා ලෑන්ඩ්කොම් වෙත ඩොලර් මිලියන 450ක් ලබා දෙනු ඇති.

කලාපීය සහ ග්‍රාමීය සෞඛ්‍ය සේවකයින් සඳහා තවත් වාසස්ථාන ඉදි කිරීමට තවත් ඩොලර් මිලියන 200ක් වෙන් කරන බවයි ප්‍රකාශ කෙරුණේ.

මේ අතර නව පාසල් ඉදි කිරීම හෝ ප්‍රාන්තය පුරා පවතින රජයේ පාසල් 2200ක තත්වය වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 8.9ක් වෙන් කර තිබෙනවා.

ප්‍රාන්තයේ වේගයෙන්ම වර්ධනය වන සහ විවිධත්වයෙන් යුත් කලාපය වන බටහිර සිඩ්නි මෙම අයවැය තුළින් යටිතල පහසුකම් සහ ප්‍රවාහනය සඳහා අරමුදල් වැඩි වශයෙන් හිමි වන ප්‍රදේශය ලෙසටයි සැලකෙන්නේ.

ඩොලර් බිලියන 2.1ක් Parramatta Light Rail හි දෙවන අදියර සඳහා ලබා දෙන අතර බටහිර සිඩ්නි ගුවන් තොටුපළ සඳහා නව මාර්ග මෙන්ම දැනට පවතින ඒවා වැඩිදියුණු කිරීමට අමතර ඩොලර් බිලියන 1.1ක් ආයෝජනය කිරීමට නියමිතයි.

නව බස් මාර්ග සහ සේවා වැඩි කිරීම සඳහා ඩොලර් මිලියන 24.7ක ආයෝජනයක් සිදු කිරීමට ද නියමිත බවයි අයවැය මගින් ප්‍රකාශ කෙරුණේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »