ජපාන ජනතාවට ජිවිත අවදානමක් ගෙනා මාරකය

ජපානයේ මාරාන්තික බැක්ටීරියා ආසාදනයක් වාර්තාගත ලෙස පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

රජයේ නිල වාර්තා පෙන්වා දෙන්නේ මෙම බැක්ටීරියාව පැතිර යාම වේගවත් වීමට හේතුවක් නිශ්චය කර ගැනීමට විශේෂඥයින්ට මේ දක්වා නොහැකි වී ඇති බවයි.

ශරීරයේ මාංශ පේශි දියකරමින් මරණයට පවා පත් කළ හැකි මෙම බැක්ටීරියාව ආසාදනය වූ 1,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම වසරේදී පමණක් ජපානයෙන් හඳුනාගෙන තිබෙනවා.

එහි රෝග ලක්ෂණ ලෙස උගුර තුවාල වීම, සිරුරේ අවයව ක්‍රියාකරිත්වය අඩපණ වීම, සිරුර ඉදීමිම, අතපය වේදනාව සහ අඩු රුධිර පීඩනය ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන්.

ජපාන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම වසර අවසානය වන විට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවනු ඇති බවයි.

මෙය දරුණු ලෙස ආසාදනය වුවහොත් පැය 48ක් තුළ මරණයට පත්විය හැකි අතර අසාදිත සෑම පුද්ගලින් 10 දෙනෙකුගෙන් තුන් දෙනෙකු මිය යනු ඇති බව ද හෙළි කරගෙන තිබෙනවා.

ජපානයේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය වාර්තා කළේ පසුගිය වසරේ මෙම බැක්ටීරියාව හේතුවෙන් මරණ 97ක් වාර්තා කළ අතර එය පසුගිය වසර හය තුළ සිදු වූ දෙවන වැඩිම මරණ සංඛ්‍යාව බවයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »