වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව පනතට අනුව, අපරාධ වගකීමේ අවම වයස අවුරුදු 12 දක්වා ඉහළ දැමූ පළමු ප්‍රාන්තය බවටයි වික්ටෝරියා ප්‍රාන්තය පත් වන්නේ.

ප්‍රාන්ත රජය විසින් තරුණ යුක්තිය පිළිබඳ මෙම පනත අද වික්ටෝරියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සහ නීතිපති ජැක්ලින් සයිම්ස් පැවසුවේ වයස අවුරුදු 10 සහ 11 වයස්වල ළමුන් අපරාධ විනිශ්චය පද්ධතියට ඇතුළත් නොවන බවට මෙම පනත් කෙටුම්පත මගින් සහතික කරන බවයි.

මෙම පනත මගින් අපරාධ ක්‍රියාකාරකම් සඳහා ළමුන් යොදවා ගැනීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ වයස අවුරුදු 21 සිට 18 දක්වා අඩු කරන අතර එමඟින් අපරාධ සිදු කිරීමට ළමයින් බඳවා ගැනීමට පවතින ඉඩ අවහිර වනු ඇති බවයි අගමැතිවරිය අවධාරණය කළේ.

නීතිපති ජැක්ලින් සයිම්ස් පෙන්වා දෙන්නේ ළමයින්ට නීතිමය පියවර ගැනීමට ඇති අවකාශය අවම වීම හේතුවෙන් ඇතැම් වැඩිහිටියන් සහ තරුණයින් ඔවුන් භාවිතා කිරීම දක්නට ලැබෙන බවයි.

එබැවින් ළමයින් අපරාධ සඳහා යොදා ගන්නා අයෙකුට නීතිමය පියවර ගැනීමට ඔවුන්ගේ වයස අවුරුදු 21ට වැඩි විය යුතු වුව ද නව පනත මගින් එම වයස අවුරුදු 18 ලෙස සංශෝධනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »