ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් සඳහන් කළේ සමාජ මාධ්‍ය භාවිත කළ හැකි වයස සීමා කිරීම සිදු කළ හැකි ආකාරය නිරීක්ෂණය කරමින් සිටින බවයි.

විශේෂයෙන් ළමයින් අතර සමාජ මාධ්‍ය මර්දනයක් ගෙන එන ලෙසට වන දෙමාපිය ඉල්ලීම් මධ්‍යයේ මෙම යෝජනාව ෆෙඩරල් රජයට ඉදිරිපත්ව තිබුණා.

බාල වයස්කරුවන්ට දුම්වැටි භාවිතය තහනම් කර ඇති ආකාරයෙන්ම සමාජ මාධ්‍ය ද තහනම් කරන ලෙසයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා ඇත්තේ.

මෙම සීමා ඔස්ට්‍රේලියාව වැනි රටකට කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න මෙහිදී අධ්‍යයනයට ලක් කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් වන තාක්ෂණික කරුණු සහ ඒ සඳහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කරවා ගැනීම දක්වා සාකච්ඡා කරන බව සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සමාජ මාධ්‍ය වේදිකාවලින් දරුවන්ට වන අනතුරු ඇඟවීම් පිළිබඳ මෙහිදි මූලික අවධානය යොමුව ඇති බව වැඩිදුරටත් සඳහන්.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »