ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු ධනවතුන් තම නිවාස ඉදි කිරීම සඳහා යොදාගෙන ඇති ස්ථාන පදනම් කර ගනිමිනුයි මෙම වාර්තා නිකුත් වී ඇත්තේ.

ඔස්ට්‍රේලියා බදු කාර්යාල දත්ත අනුව ඉහළම බදු ආදායමක් ලැබෙන තදාසන්න ප්‍රදේශයන්ගේ postcodes අතර පළමු තැනට සිඩ්නි Double Bay පත්ව තිබෙනවා. එහි postcodes එක වන්නේ 2028යි.

එම ප්‍රදේශයේ නිවැසියන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 354,308ක් උපයන බව සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය බටහිර ඔස්ට්‍රේලියාවේ කෝටස්ලෝ හි (Cottesloe) පෙපර්මින්ට් ගෝව් (Peppermint Gove වන අතර එහි postcodes එක වන්නේ අංක 6011යි.

එම ප්‍රදේශයේ නිවැසියන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 295,283ක් උපයන බව බදු කාර්යාල දත්ත අනුව හෙළිවී තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානය ඩාර්ලින් පොයින්ට් (Darling point) හිමි කරගෙන ඇති අතර එහි postcodes එක 2027 වනවා.

නිවැසියන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 266,020ක් පමණ වන මෙල්බන්හි හෝක්ස් බර්න් (Hawksburn) ප්‍රදේශය එම ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එහි postcodes දැක්වෙන්නේ අංක 3142 ලෙසටයි.

නිව්සවුත් වේල්ස්හි postcode අංක 2023 යටතේ වන බෙල්වියූ (Bellevue) ප්‍රදේශය එම නිවැසියන්ගේ වාර්ෂික අදායම වන ඩොලර් 245,728ක මුදල සමගින් පස්වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »