ගෝල්ඩ් කෝස්ට් කාන්තාවගේ ජීවිතය වෙනස් කළ ලොතරැයිය

ගෝල්ඩ් කෝස්ට්හි පදිංචි කාන්තාවකට ඩොලර් මිලියන 21.1ක ලොතරැයි ජයග්‍රහණයක් හිමිව තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමග ඇය සිය රැකියාව ද අත්හැරීමට සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

නෙරං හි (Nerang) පදිංචිකාරියක් වන ඇය ඊයේ දිනයේ ලකී ලොතරැයි මෙගා ජැක්පොට් දිනුම් ඇදීම තුළින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇතැයි සඳහන්.

තම ජයග්‍රහණය විශ්වාස නොකළ මෙම කාන්තාවට ලොතරැයි සමාගමෙන් ඇමතුමක් ලැබෙන තෙක් තම දිනුම පිළිබඳ විශ්වාසයක් තිබී නැහැ.

කෙදිනක හෝ ලොතරැයි ජයක් ලැබෙනු ඇතැයි විශ්වාසයක් පැවතුණ ද මෙය තමාට අදහා ගත නොහැකි වූ බවයි ඇය ප්‍රකාශ කළේ.

මෙම ජයග්‍රාහී මුදලින් තමාගේ පළමු නිවස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අතර යළිත් කිසිදු දිනක රැකියාවක නිරත වීමට බලාපොරොත්තු නොවන බව ද ඇය ප්‍රකාශ කළා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »