4G ජාලයට මාරු වෙන්න නොමිලේ දුරකථන 12,000ක්

Telstra සමාගම විසින් පාරිභෝගිකයන් පිරිසකට දුරකථන 12,000ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

4G ජාලයට හුවමාරු වීමට උපකාර කිරීම සඳහා අවදානමට ලක්විය හැකි පාරිභෝගිකයින් පිරිසකට මෙලෙස නොමිලේ ජංගම දුරකථන 12,000ක් ලබා දෙන බවයි Telstra සමාගම නිවේදනය කර ඇත්තේ.

Telstra සමාගමේ 3G ජාලය අගෝස්තු 31 වන දින වසා දැමීමට නියමිතව තිබෙනවා.

වසර 20ක් පැරණි Telstra 3G ජාලය වසා දැමීම මැයි මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද එය මාස දෙකකින් ප්‍රමාද වූයේ ඇතැම් පාරිභෝගිකයින්ට හදිසි ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති වනු ඇති බවට වූ අවදානම හේතුවෙන්.

මේ අනුව අද සිට Telstra සමාගම විසින් ගැටලුවලට මුහුණ දෙන, ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන හෝ වැඩිහිටි පාරිභෝගිකයින් දහස් ගණනකට නොමිලේ ජංගම දුරකථන ලබා දෙනු ඇති.

Telstra පාරිභෝගික අංශයේ විධායක මාටි මැක්ග්‍රාත් ප්‍රකාශ කළේ නොමිලේ දුරකථන හිමි වන ගනුදෙනුකරුවන් මූල්‍ය දුෂ්කරතා හෝ ස්වාභාවික විපතකට ලක්වීම වැනි විවිධ දුෂ්කර තත්වයන්ට මුහුණ දී සිටින අය බවයි.

නව ජංගම දුරකථනයක් හිමි වීමට සුදුසුකම් ලබා ඇති Telstra පාරිභෝගිකයින්ට ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් දනුම් දෙනු ඇති.

4G ජාලයට මාරු වීම සඳහා මෙලෙස නොමිලේ දුරකථන ලබා දෙනු ලැබුව ද තවමත් 3G ජාලය භාවිතා කරන පාරිභෝගිකයින් 156,000ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »