Android භාවිතා කරන අයට google වෙතින් නව වෙනසක්

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් සඳහා ගූගල් සමාගම ප්‍රධාන වෙනස්කම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

මෙතෙක් කෙටි පණිවුඩ යැවීමෙන් පසු එම පණිවුඩය Edit කිරීමේ හැකියාව Android භාවිත කරන්නන්ට හිමි නොවූ අතර එම වෙනස්කම් Android භාවිත කරන්නන්ටද හඳුන්වා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව නව විශේෂාංග හතක් Android පරිශීලකයින්ට ගූගල් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට අමතරව මෙතෙක් අවස්ථාව හිමි නොවූ hotspot මාරු කර ගැනීම, උපාංග අතර ඇමතුම් මාරු කිරීම වැනි නව අංග කිහිපයක් ද ඊට ඇතුළත්.

තවද google message යැවීමේ දී යැවූ පණිවුඩය විනාඩි 15ක කාලයක් ඇතුළත වෙනස් කිරීමට ද හැකියාව ලැබෙනු ඇති.

මෙතෙක් මෙම හැකියාව imessage පාරිභෝගිකයින් සදහා පමණක් හිමිවූ අතර ඉදිරියේදී Android පාරිභෝගිකයින්ට ද එම පහසුකම හිමි වනු ඇති.

apple පරිශීලකයන්ට විනාඩි 15ක් ඇතුළත කෙටි පණිවුඩ සඳහා සංස්කරණ 5ක් සිදුකළ හැකි අයුරින් නිර්මාණය කර ඇති අතර Android පාරිභෝගිකයින්ට ද විනාඩි 15ක් තුළ ඕනෑම ප්‍රමාණයක් එම පණිවුඩය වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා.

Google හි Emoji Kitchen හරහා නව emoji මාරු කිරීමේ හැකියාව ද ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පරිශීලකයන්ට හිමි වන බවයි ගූගල් සමාගම සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »