ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 83ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින්, ධනංජය ද සිල්වා ලකුණු 34ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 30 ක් ලබා ගත්තා.

ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්තයට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 118ක් පමණයි.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 3ක් සහ වනිඳු හසරංග මෙන්ම මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ සහභාගී වන අවසන් තරගය වන අතර මෙම තරගය ජය ගත්ත ද ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »