සිඩ්නිවල ඉදි වන අඩු මිල නිවාස ව්‍යාපෘතියෙන් සහන ලැබෙන අය මෙන්න

අත්‍යවශ්‍ය සේවාවල නිරත වන සේවකයින් සඳහා දැරිය හැකි මිලකට ලබා ගත හැකි නිවාස 400කට වඩා ඉදිකිරීමේ සැලසුමක් නිව් සවුත්වේල්ස් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගුරුවරුන්, හෙදියන්, පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් ඇතුළු මුල් පෙළ සේවා කණ්ඩායම් වෙනුවෙන් නවාතැන් ඉදිකිරීමට ඉදිරි රාජ්‍ය අයවැයෙන් ඩොලර් මිලියන 450ක් වෙන් කරන බවයි අගමැති ක්‍රිස් මින්ස් නිවේදනය කළේ.

ප්‍රාන්ත භාණ්ඩාගාරික ඩැනියෙල් මුකී විසින් ද මීට පෙර මේ සම්බන්ධයෙන් කරුණු හෙළි කර තිබු අතර රජය විසින් සිඩ්නි නගරය අවට කුලි නවාතැන් ඉදිකරන ඇති අතර එය රාජ්‍ය සේවයේ මුල් පෙළ සේවකයින්ට වට්ටම් මිලකට ලබා දෙනු ඇති.

ගුරුවරුන්, හෙදියන්, පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන්ට ඔවුන්ගේ සේවා ස්ථාන අසලම නව නිවාස ඉදිකිරීමට නියමිත අතර ඔවුන් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලැබෙන කණ්ඩායම්වලින් කිහිපයක් පමණක් බවයි සඳහන් වන්නේ.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ප්‍රාන්තයේ දැරිය නොහැකි නිවාස මිල ගැටලුවට එරෙහිව රජය දරන උත්සාහය තවදුරටත් ව්‍යාප්ත කළ හැකි බවයි.

ප්‍රාන්ත රජයේ ඉඩම් සහ දේපල සංවර්ධන සංවිධානය වන ලෑන්ඩ්කොම් (Landcom) නව නිවාස ඉදිකිරීම සිදු කරනු ඇති අතර ව්‍යාපෘතිය ඉදිරි වසර තුන තුළ නිම කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සිඩ්නි හි කුලී නිවාස වෙලඳපොලේ මිල ගණන් දරාගත නොහැකි වීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවකයින් දහස් ගණනක් ප්‍රාන්තයෙන් පිටව ගොස් අඩු මිලට ලබා ගත හැකි නවාතැන් සහ මූල්‍ය දිරිගැන්වීම් හේතුවෙන් වෙනත් ප්‍රාන්තයන් වෙත යොමු වී ඇති බව ද අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »