ජුලි මාසයේ බදු කප්පාදුවෙන් වැටුප් ලබන අයට සහන ලැබෙන්නේ මෙහෙමයි

තුන්වන අදියරේ බදු කප්පාදුව ක්‍රියාත්මක කිරීමත් සමග ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුපෙන් මුදල් ඉතිරි වන ආකාරය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තුන්වන අදියරේ බදු කප්පාදුව ලබන ජුලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එමගින් බොහෝ පිරිසකට තම ආදායම අනුව ගෙවනු ලබන බදු ප්‍රමාණය අඩු වනු ඇති.

ඉන් අදහස් කරනු ලබන්නේ සෑම සේවකයෙකුටම තමාගේ වැටුපෙන් වෙනදාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාවක් ලැබීමයි.

රජය නිවේදනය කර ඇත්තේ සාමාන්‍ය බදු කප්පාදුව වසරකට ඩොලර් 1888ක් පමණ වනු ඇති බවයි.

එය සතියකට ඩොලර් 36ක් පමණ වුව ද එක් එක් සේවකයන් උපයන මුදල අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට අය කෙරෙන බදු අනුපාතය ද වෙනස් වනු ඇති.

රජය නිවේදනය කළේ වසරකට ඩොලර් 18,200ක ආදායමක් උපයන උපයන අයට අදාළ නොවන බවයි.

ඩොලර් 18,201 සිට ඩොලර් 45,000ක් දක්වා වාර්ෂික ආදායමකට හිමිකම් කියන අයෙකුගෙන් මෙතෙක් අය කෙරුණු සියයට 19ක බදු ප්‍රතිශතය සියයට 16ක් දක්වා අඩු කෙරෙනු ඇති.

අවම වැටුප් ලබන්නෙකු එනම් අවම වශයෙන් ඩොලර් 47,626 ක් වන අවම වැටුපක් ලබන අයෙකුට මෙම බදු කප්පාදුව හමුවේ වසරකට ඩොලර් 870ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි වනු ඇති බවයි සඳහන් වන්නේ.

ඩොලර් එක් ලක්ෂ අනු දහසක පමණ වාර්ෂික ආදායමක් ලබන අයෙකුට සහියකට ඩොලර් 87ක් හෙවත් වසරකට ඩොලර් 4529ක පමණ මුදලක් ඉතිරි වීමට නියමිතයි.

මෙය සාමාන්‍යයෙන් වැටුප් වැඩි කිරීමක් නොවුණ ද බදු කප්පාදුව හමුවේ සේවකයන්ට නිල නොවන වැටුප් වැඩිවීමක් සිදු වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »