අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන නීති මෙන්න​.

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන නීති මෙන්න​.

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් කොරෝනා රෝගීන් 2නෙකු වාර්තා වූවත් වික්ටෝරියානු අගමැති Daniel Andrews පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ගත වූ පැය 24 පුරාවට දේශීය වශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා මෙල්බන් හි පැවති කොරෝනා පොකුර හා සම්බන්ධ වන අතර ඔවුන් දෙදෙනා නිරෝධායනය වෙමින් සිටි අතර ඔවුන් ගෙන් ප්‍රජාවට වයිරසය සම්ප්‍රේෂණය වීම සිදු නොවී ඇති බවට අපේක්‍ෂා කරන බව සඳහන් වේ.

ඒ අනුව​, අද මධ්‍යම රාත්‍රියේ සිට නිවසකට රැස් විය හැකි පුද්ගල ප්‍රමාණය​, මුව ආවරණ පැළඳීම සහ කාර්‍යාල සේවයේ නිරත විය හැකි ගණන ඇතුලු නීති ලිහිල් කෙරේ.

නිවසකට පැමිණිය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 30 දක්වා ඉහල යනු ඇති අතර එළිමහනේ රැස්විය හැකි පුද්ගලයන් ගණන 100 දක්වා වැඩි කර ඇත​.

මුව ආවරණ පැළඳිය යුත්තේ අධි අවදානම් ස්ථානයන්හි පමණි. එනම්, පොදු ප්‍රවාහන පහසුකම්වල​, කුලී රථ සහ සාප්පු මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසැල් ඇතුළු සමහර සිල්ලර වෙළඳසැල් වැනි සමාජ දුරස්ථභාවය පවත්වා ගත නොහැකි ස්ථාන මේ අතර වේ.

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ බොහෝමයක් සේවකයින්ට සඳුදා සිට නැවත කාර්යාලයට යාමට හැකි වන අතර සියයට 75 ක උපරිම උපරිම සේවක ධාරිතා සීමාවක් ඇත.

ක්‍රීඩා ඉසව් සඳහා නැවත ප්‍රේක්‍ෂකයින්ට සහභාගී වීමට හැකි වන අතර​ AFLතරඟාවලිය​ දැනටමත් MCG සහ මාර්වල් ක්‍රීඩාංගණ වල පවත්වන බවට​ නිවේදනය කර ඇති අතර ඒ සඳහා රසිකයින්ට සියයට 50 ක ධාරිතාවයකින් සහභාගී වීමට අවසර හිමි වේ.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »