ක්වන්ටාස් ගුවන් සමාගම එළඹෙන ඔක්තෝම්බර් මස සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැරසේ!

ක්වන්ටාස් සමාගම විසින් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වන විට ඕස්ට්‍රේලියානුවන්ට පියාසර කළ හැකි පළමු ගමනාන්ත පිළිබඳ අදහස් දක්වා ඇත​.

ක්වන්ටාස් විසින් අන්තර්ජාතික සංචාර නැවත ආරම්භ වූ වහාම පියාසර කිරීමට අදහස් කරන පළමු ගමන් මාර්ග ප්‍රකාශයට පත් කර තිබේ.

ජාත්‍යන්තර සංචාර 2021 ඔක්තෝබර් වන විට නැවත ආරම්භ කිරීම සඳහා සැලසුම් කර ඇති බව ක්වන්ටාස්ගුවන් සේවය පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ප්‍රධාන විධායක ඇලන් ජොයිස් 2020-21 මූල්‍ය වර්ෂයේ මුල් භාගයේදී ඩොලර් බිලියන 1 ක “සැලකිය යුතු” අලාභයක් වාර්තා කළේය.
“මෙම සංඛ්‍යා පැහැදිලි ය, නමුත් ඒවා පුදුමයට කරුණක් නොවේ,” ජොයිස් පැවසීය.

දේශසීමා වසා දැමීමෙන් ජාත්‍යන්තර පියාසර කිරීම්වලින් සියයට සියයක්ම සහ දේශීය පියාසර කිරීම්වලින් සියයට 70 ක් පමණ අපට අහිමි වූ බව ක්වන්ටාස් ප්‍රධාන විධායක ඇලන් ජොයිස් ප්‍රකාශ කර සිටී.

ඔක්තෝබර් 31 සිට ලොස් ඇන්ජලීස්, ලන්ඩන්, සිංගප්පූරුව සහ Johannesburg ඇතුළු ගමනාන්ත 25 න් 22 ක් සඳහා ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට ක්වන්ටාස් ගුවන් සමාගම සැලසුම් කරයි.

කැපී පෙනෙන ගමනාන්ත වන්නේ නිව්යෝර්ක්, Santiago සහ ඔසාකා වන අතර ඒවා ගුවන් සමාගමේ අනිවාර්‍ය​ සැලසුම් වල කොටසක් ලෙස ඒවා හඳුන්වා දී නොමැති අතර අතරින් පතර එම ගමනාන්ත දක්වා ගුවන් ගමන් පහසුකම් ලබා දීමට සැලසුම් කරන බව සඳහන්.

අන්තර්ජාලය භාවිතා කරන ඔබ අයිතිවෙන්නේ කුමන කාණ්ඩයට ද බලන්න

ලොව පුරා වෙසෙන ජනතාව අතුරින් අන්තර්ජාලය භාවිත කරන පරිශීලකයින්ගේ දෛනික භාවිතයෙහි සාමාන්‍ය අගය පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »