Search

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ වසර 15ක පමණ කාලයක් ගත කළ යෝධ පැන්ඩා යුවළ මෙම වසර අවසානයේදී නැවත චීනයට රැගෙන යනු ඇති.

අද උදෑසන සත්වෝද්‍යානයේ සංචාරයකට එක්වෙමින් චීන අගමැතිවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

නව යෝධ පැන්ඩා යුගලයක් ඇඩිලේඩ් සත්වෝද්‍යානයට ලබා දෙන බව අගමැතිවරයා කියා සිටියේ වැන්ග් වැන්ග් සහ ෆු නි ඉතා හොඳින් රැකබලා ගැනීම සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියාවට ස්තුතිය පළ කරමින්.

මේ වන විට සිටින සත්වයන් දෙදෙනාට සමානව සුන්දර සහ ආකර්ශනීය නව පැන්ඩාවන යුවළක් ලබා දෙන අතර ඔස්ට්‍රේලියාවේ ජනතාව ඔවුන් හොඳින් ආදරයෙන් රැකබලා ගනු ඇතැයි විශ්වාස කරන බව ද අගමැතිවරයා සඳහන් කළා.

2009 වසරේ සිට ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් සහ ෆු නි චීනය විසින් වසර 10කට ලබාදී තිබුණ ද එය තවත් වසර පහකට දීර්ඝ කෙරුණු අතර එම කාලය නොවැම්බර් මාසයෙන් අවසන් අවනවා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »