මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

අද අලුයම හොපර්ස් ක්‍රොසින්ග් (Hoppers Crossing) සහ හර්ක්නස් (Harkness) යන ප්‍රදේශවල වෙනම ගිනි ගැනීම් දෙක වාර්තා වී ඇති බවයි හදිසි සේවා නිලධාරීන් සඳහන් කළේ.

හර්ක්නස් හි නිවසක ගරාජයකට අද අලුයම 12.30ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර ඉන් මෝටර් රථ දෙකකට හානි සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ගින්න හමුවේ නිවසේ සිටි සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කර ගත් බවයි.

අනතුරුව අලුයම 1ට පමණ හොපර්ස් ක්‍රොසින්ග්හි නිවසක පිහිටි ගරාජයක ද එවැනිම ගින්නක් වාර්තා වූ අතර එහි තිබූ වාහනයකට ද හානි සිදුව තිබෙනවා.

ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර මෙම ගිනි තැබීම් දෙකම එකිනෙකට සම්බන්ධ බවට විශ්වාස කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ගින්නට හේතුවක් හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නා අයෙක් සිටී නම් දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි මසුන් සහ ආහාර අලෙවි සැලක් අද උදෑසන හටගත් ගින්නකින් විනාශ වී තිබෙනවා.

අලුයම 4ට පමණ බර්ක් වීදියේ වෙළඳසැල ගිනි ගැනීමෙන් පසු ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් 30ක් පමණ යොදවා තිබුණා.

එම වෙළඳසැල්වලට ඉහළ මහලේ පිහිටි නිවසක පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ආරක්ෂිතව ඉවත් කර ඇති අතර එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »