රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Northern Territory ප්‍රාන්තයේ චාල්ස් ඩාවින් විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්කොට් බෝමන් ස්කයි සඳහන් කළේ විශ්ව විද්‍යාල මට්ටමින් ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට සූදානම් බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය අතින් අඩුම ප්‍රමාණයක් සිටින ප්‍රාන්තය ලෙස Northern Territory පත්ව ඇති අතර එහි ජනගහනය සටහන්ව ඇත්තේ 253,600ක් ලෙසයි.

ඒ අනුව Northern Territory ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුව ඇති බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල උපකුලපති ස්කොට් බෝමන් පවසන්නේ විශ්වවිද්‍යාලය සඳහා ප්‍රාන්තයට ප්‍රමාණවත් ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණයක් අවශ්‍ය බවයි.

දැනට ඔස්ට්‍රේලියාවේ අගනගර කලාපයට පසු අවම ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවක් සිටින ප්‍රාන්තය Northern Territory වන අතර එහි සිටින ශ්‍රී ලාංකීය සිසුන් සංඛ්‍යාව 105ක්.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »