බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

වසර හතකට පසු චීන අග්‍රාමාත්‍යවරයෙකුගේ පළමු සංචාරය සනිටුහන් කරමිනුයි චීන අග්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ඇඩිලේඩ් වෙත පැමිණ තිබුණේ.

ඇඩිලේඩ් ගුවන් තොටුපළේදී ඔහු පිළිගනු ලැබුවේ දකුණු ඔස්ට්‍රේලියාවේ සෙනෙට් සභික විදේශ අමාත්‍ය පෙනී වොන්ග් විසින්.

ගුවන් තොටුපළේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ දෙරට අතර සබඳතා පෙරළිකාර සිදුවීම් ගණනාවකට පසු නැවත යථා තත්ත්වයට පත් වූ බවයි.

චීනය සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා ආපසු නිවැරදි මාවතට පැමිණ ඇති බව චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

චීන අගමැතිවරයා තම සිව් දින සංචාරයේදී කැන්බරා සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතයි.

ඔහුගේ පැමිණීම වසර හතකට පසු චීන අග්‍රාමාත්‍යවරයෙකුගේ පළමු ඔස්ට්‍රේලියා සංචාරය වන අතර එය 2014 වසරෙන් පසු ජනාධිපති ෂී ජින්පින්ග් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගමනකට මග පාදනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »