සිඩ්නි නගරයේ කුලී නිවාස ගැන වෙනස්ම කතාවක්

සිඩ්නි නගරය සහ ඒ අවට ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ කෙටි කාලීන කුලී නිවාස දහස් ගණනක් පවතින බව නව වාර්තාවක් මගින් හෙළිවී තිබෙනවා.

සිඩ්නි නගර සභා බල ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ කෙටි කාලීන කුලී නිවාස 3000ක් පමණ පවතින බවටයි අදාළ වාර්තාව මගින් අනාවරණ වී ඇත්තේ.

ප්‍රධාන නගර සභා මෙන්ම ඉහළ සංචාරක ආකර්ශනයක් ඇති ප්‍රදේශවල නිවාස අර්බුදය සමනය කිරීම සඳහා කෙටි කාලීනව නිවාස කුලියට ලබාදීම් මැඩ පැවැත්වීමට රජය උත්සාහ කරමින් සිටිනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ද ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන අතර කෙටි කාලීනව කුලියට ලබා දෙන නිවාස ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය කරුණක් වනවා.

එහෙත් සිඩ්නි නගර බලධාරීන් විසින් පත් කරන ලද පර්යේෂණ කමිටුව මගින් සොයාගෙන ඇත්තේ තාවකාලික කුලී නිවාස 5500 න් 2500 ක් පමණ පමණක් ලියාපදිංචි වී ඇති බවයි.

එවැනි කෙටි කාලීන නවාතැන් තුළින් කුලී නිවැසියෙකුට වඩා හොඳ ප්‍රතිලාභයක් හිමිකරුට ලැබෙන බැවින් ඒ සඳහා යොමුවන පිරිස වැඩි බවයි සඳහන් වන්නේ.

මේ වන විට බ්‍රිස්බේන් නගර සභාව කෙටි කාලීන කුලි නිවාස සඳහා බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර වික්ටෝරියා රජය ද ඒ සඳහා ලබන 2025 වසරේ ජනවාරි පළමුවනදා සිට සියයට 7.5ක බද්දක් පැනවීමට නියමිතයි.

2021 වසරේ සංගණන ඇස්තමේන්තුවලට අනුව සෑම රාත්‍රියකම ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 120,000ක් පමණ නිවාස නොමැතිව මහ මග හෝ වෙළඳසල් අසල ජිවත් වන බව සඳහන්.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »