විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

විශ්ව විද්‍යාල බලධාරීන් පලස්තීන හිතවාදීන්ට දන්වා ඇත්තේ දෙවන අධ්‍යයන වාරයේ සිසුන් පැමිණීමට සූදානම් වන බැවින් විරෝධතාව අවසන් කර ඉවත්ව යන ලෙසයි.

ආයුධ නිෂ්පාදකයින් සහ ඊශ්‍රායල ආයතන සමඟ විශ්ව විද්‍යාලයේ ඇති සබඳතා නතර කරන ලෙසට ඉල්ලමිනුයි ශිෂ්‍ය ක්‍රියාකාරීන් මාස දෙකකට පමණ පෙර මෙම විරෝධතා ආරම්භ කරනු ලැබුවේ.

සිඩ්නි විශ්ව විද්‍යාලය දෙවන අධ්‍යයන වාරය සඳහා සූදානම් වන බැවින් විරෝධතාකරුවන්ට මීට පෙර ඉවත් වීමට කළ නියෝග සම්බන්ධයෙන් ඔවුන් සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ.

එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විශ්ව විද්‍යාල බලධාරීන් කඳවුරු නියෝජිතයින්ට උපදෙස් දී ඇත්තේ අනෙක් සිසුන්ට සරසවි පරිශ්‍රය භාවිතා කිරීමට ඉඩ දීම සඳහා ඉවත් වන ලෙසටයි.

විශ්ව විද්‍යාලයේ මූලික කටයුතුවලට සැලකිය යුතු බාධාවක් ඇති නොකරන්නේ නම්, සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බව පාලනාධිකාරිය අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »