හොර පාරෙන් එන අය හොයන දැවැන්තයා ඔස්ට්‍රේලියාව බලා ගමන් අරඹයි

බෝයිං 737 යානයක ප්‍රමාණයෙන් යුත් ට්‍රයිටන් නම් ඩ්‍රෝන යානය ඔස්ට්‍රේලියාව බලා පිටත් වී තිබෙනවා.

මිනිසුන් රහිත නිරීක්ෂණ ගුවන් යානා හතරෙන් පළමුවැන්න වන මෙය පැසිෆික් සාගරය හරහා ඔස්ට්‍රේලියාව දක්වා ගමන් කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රහස්පතින්දා කැලිෆෝනියානු නාවික හමුදා ගුවන් තොටුපළකින් වේක් අයිලන්ඩ් හරහා එය ඔස්ට්‍රේලියාව බලා ගමන් ආරම්භ කර තිබුණා.

ඩ්‍රෝන යානය ටින්ඩාල් (Tindal) වෙත ගොඩ බැස්සවීමට නියමිත අතර පසුව එය ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක අංශ වෙත සහාය වීම සඳහා සාගර මුර සංචාර වෙනුවෙන් යෙදවෙනු ඇති.

ආරක්ෂක අමාත්‍ය පැට් කොන්රෝයි විසින් පසුගිය වසරේ මෙම යානය මිලදී ගැනීමට කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියා රාජකීය ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීමේ අරමුණ සහිතවයි.

මෑතක සිට ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් අනවසරයෙන් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් මෙම ගුවන් යානය ඇඩිලේඩ් අසල එඩින්බරෝ ගුවන් කඳවුරේ සිට සාගර කලාපය නිරීක්ෂණය කරනු ඇති.

ගුවන් හමුදා පුහුණු ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් වෙන්ඩි බ්ලයිත් මෙම ඩ්‍රෝන යානා පැමිණීම සම්බන්ධ කරුණු තහවුරු කළ අතර ඒ සඳහා ගුවන් කාර්ය මණ්ඩලය දැනටමත් පුළුල් පුහුණුවක් ලබා දී ඇති බව සඳහන් කළා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »