කාන්තාවන් නිසා ඔස්ට්‍රේලියාව උඩට එද්දී ශ්‍රී ලංකාව පහළට යයි

Women Peace and Security index වාර්තා අනුව කාන්තාවන්ට ජීවත්වීමට සුදුසුම රටවල් අතර ඔස්ට්‍රේලියාව 11 වන ස්ථානයට නම් කර තිබෙනවා.

ජනගහනය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් අතින් කාන්තාවන්ට ආරක්ෂිතම රට ලෙස පළමු ස්ථානයට පැමිණ ඇත්තේ ඩෙන්මාර්කයයි.

රටවල් 177ක කාන්තාවන්ට හිමි අයිතීන් හා ආරක්ෂාව පිළිබද නිර්ණායක අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබුණා.

ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ෆින්ලන්තය සහ ලක්සම්බර්ග් ඇතුළුව ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රටවල් කිහිපයක් එම ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණ තිබෙනවා.

කැනඩාව එම ශ්‍රේණිගත කිරීමේ 17 වන ස්ථානයට පැමිණ ඇති අතර බ්‍රිතාන්‍යට පත්වී ඇත්තේ 26 වන ස්ථානයටයි.

නවසීලන්තය එම ශ්‍රේණිගත කිරීමේ 10වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය, යේමනය, මධ්‍යම අප්‍රිකානු රටවල් සහ දකුණු සුඩානය වැනි රටවල්වල පවතින යුධ ගැටුම් හේතුවෙන් කාන්තාවන්ට අනාරක්ෂිත රටවල් ලෙසයි නම් කර ඇත්තේ.

ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ 128වන ස්ථානයට පත්වී ඇති අතර කාන්තාවන්ට ජීවත්වීමට සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 60 වන ස්ථානයයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »