නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නිවාස ණය සහ ඉතුරුම් ගිණුම් සඳහා ගනුදෙනුකරුවන්ට මාරු වීම පහසු කිරීම අරමුණු කරගත් වෙනස්කම් රැසක් රජය විසින් නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලී අනුපාත ඉහළ යාමෙන් පීඩනයට ලක්වන නිවාස හිමියන්ට ෆෙඩරල් රජයේ නව ප්‍රතිසංස්කරණ මාලාව යටතේ වඩා හොඳ උකස් ගනුදෙනු වෙත මාරු වීමට හැකියාව ලැබෙනු ඇති බවට ද වාර්තා වනවා.

ණය ලබා දෙන මුල්‍ය ආයතන මාරු කළහොත් ලක්ෂ සංඛ්‍යාත නිවාස හිමියන්ට මුදල් ඉතිරි කර ගත හැකි වුවද එහිදී අවශ්‍ය කරන ලිපි ලේඛන හේතුවෙන් බොහෝ දෙනෙකු දෙනෙකු එම පියවර අනුගමනය නොකරන බව බැංකු විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

එහෙත් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් එළිදක්වන ලද නව වෙනස්කම් යටතේ ජීවන වියදම් අර්බුදයට ලක්ව සිටින පාරිභෝගිකයින්ට ණය මාරු කිරීම පහසු කිරීමට හැකි වනු ඇතැයි සඳහන්.

නව නීති අනුව ඉතුරුම් ගිණුම්වල පොලී අනුපාතය වෙනස් වන විට බැංකු විසින් ගනුදෙනුකරුවන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට ද අවශ්‍ය වනු ඇති.

වෙනත් මුල්‍ය ආයතනයක ඉතුරුම්වලට වඩා ගනුදෙනුකරුවන්ට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන දිනය කවදාදැයි සොයා ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් මෙම සන්නිවේදන ක්‍රමය සැලසුම් කර ඇතැයි සඳහන්.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පැවසුවේ මෙම වෙනස්කම් මගින් පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවන් ඇතුළුව හොඳ ගනුදෙනුවක් සිදු කර ගැනීමට උපකාරී වනු ඇති බවයි.

නව ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීමේ මූලික අරමුණ බැංකු අතර තරඟකාරිත්වය ඉහළ නැංවීම වන අතර ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සිදු කළ මත විමසීම් දෙකකට පසුව බලධාරීන් මෙම පියවරට එළඹ තිබෙනවා.

එම පරීක්ෂණ දෙකෙහිම වෙනස්කම් පිළිගන්නා බවයි රජය අද නිවේදනය කළේ.

අද බ්‍රිස්බේන්හිදී අදහස් දක්වමින් ජිම් චාමර්ස් නිවේදනය කළේ කුඩා බැංකු තම අරමුදල් ලබා ගන්නේ කෙසේද යන්න රජය අවධානයෙන් සිටින අතර වෙළඳපොළට ඇතුළු වන නව බැංකුවලට රජයට සහාය විය හැකි සැලසුම් තිබේද යන්න සලකා බලන බවයි.

වඩා හොඳ උකස් ගනුදෙනු සොයා ගැනීමට ඊට මාරු වීමට සහ ඔවුන්ගේ ඉතුරුම් ගිණුම් සඳහා වඩා හොඳ පොලී අනුපාත ලබා ගැනීමට රජය ඔස්ට්‍රේලියානුවන්ට උපකාර කරනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »