සිඩ්නි පාසල් ගුරුවරියට රැකියාව අහිමි කළ facebook සටහන

සිඩ්නි නගරාසන්නයේ පාසලක ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටි සමලිංගික ගුරුවරියක් එම පාසලෙන් නෙරපා දැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

බටහිර සිඩ්නි ප්‍රදේශයේ ආගමික පාසලක සිටි මෙම ගුරුවරිය සමලිංගික ස්ත්‍රීයක් බවට පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් කළ හෙළිදරව්වක් හේතුවෙන් ඇය සේවයෙන් පහ කිරීමට පාසැල් බලධාරීන් පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගුරුවරිය තමා සමලිංගික සම්බන්ධතාවයක සිටින බව සිය facebook ගිණුමෙහි සටහන් කර තිබෙන අතර ඇගේ Relationship තත්වය Same sex ලෙස මාරුකිරීම සමග දෙමාපියන් මේ බව පාසැල් පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

පාසලේ මෙම තීරණයට මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇති අතර ඇතැම් කණ්ඩායම් පාසල් බලධාරීන්ගේ මෙම ක්‍රියාව විවේචනයට ලක්කර ඇති බව සඳහන්.

ආගමික පාසල්වල සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කිරීම මෙම ගුරුවරිය ඉවත් කිරීමට ප්‍රධාන හේතුව බවටයි වාර්තා වන්නේ.

ලෙබර් පක්ෂය පසුගිය මැතිවරණයට අදාළව දුන් පොරොන්දුවක් ලෙස මෙම තත්වය වෙනස් කරන බව පැවසුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කතිකාවක් නිර්මාණය වී නැහැ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »