මෙල්බන් මුල්කර ගත් ජාවාරම පොලිසිය වැටලූ හැටි

වික්ටෝරියා ප්‍රාන්තයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙල්බර්න් සිට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක් සම්බන්ධයෙන් මාස අටක් පුරා සිදු කරනු ලැබූ විමර්ශනයකට අනුව පසුගිය දින කිහිපයේ ෂෙපාර්ටන්හි නිවාස ආශ්‍රිතව කළ මෙහෙයුමකට අනුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් 11 දෙනා සමග ඩොලර් 600,000ක් වටිනා මත්ද්‍රව්‍ය සහ මුදල් ද වික්ටෝරියා පොලිසිය විසින් සොයාගෙන ඇතැයි සඳහන්.

ඩොලර් 150,000ක් වටිනා අයිස් සහ ඩොලර් 132,000ක් වටිනා කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් ඊට අයත්.

ඊට මතරව පිස්තෝලයක්, ජීව උණ්ඩ සහ සොරකම් කරන ලද යතුරුපැදි තුනක් ද සොයාගෙන ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් වයස අවුරුදු 19 ත් 56ත් අතර වයසේ පසුවන ෂෙපාර්ටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ සැරයන් පෝල් ෂෝටිස් පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සැඟවීමට අවස්ථාවක් නොදෙන අතර ප්‍රජාවට බලපෑමක් වන මෙවැනි අපරාධවල නිරත වන අය නීතිය හමුවට ගෙන ඒමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »