ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

අලිආන්ස් ඔස්ට්‍රේලියා (Allianz Australia) රක්ෂණ සමාගම සිදු කළ මෙම පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ මිලියන දෙකහමාරකට වැඩි ඔස්ට්‍රේලියානු කම්කරුවන් ඉදිරි මාස 12 තුළ තම රැකියාවෙන් ඉවත් වීමට සලකා බලමින් සිටින බවයි.

සේවකයන් ඉවත්ව යාමේ වැඩිවීමක් සහ සංවේදී කළමනාකරුවන්ගේ හිඟයක් ද පෙන්නුම් කරන බව මෙමගින් හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පරීක්ෂා කරමින් සමීක්ෂණය සිදු කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ සමීක්ෂණයට ලක්වූ සේවකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වර්තමාන සේවා පරිසරය තුළ වෙහෙසට පත්ව සිටින බවයි.

පසුගිය වසරේ සමීක්ෂණ ප්‍රතිඵල හා සැසඳීමේදී එය සියයට 10ක වැඩිවීමක් බවයි පැවසෙන්නේ.

සේවකයන් මුහුණ දී ඇති මෙම තත්වය මත ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුළ රැකියාවෙන් ඉවත් වීමට සලකා බලන පිරිස මිලියන 2.7 ක ජනතාවකට සමාන බව සඳහන්.

සමීක්ෂණයට ලක්වූ සේවකයින්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකගේ පුද්ගලික ජීවිතය රැකියාව සමග බලපාන ආකාරය සම්බන්ධයෙන් කළමනාකරුවන්ගෙන් අනුකම්පාවක් නොමැති බව ද වාර්තා වී තිබෙනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »