වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ නිසා ජනතාවට දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් කුකුළු ගොවිපලක කුරුළු උණ වෛරසය ආසාදිත සතුන් සිටින බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති කුරුළු උණ වෛරස් ආසාදිත ගොවිපළ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ යනු ඇති.

මෙල්බර්න් නගරයට බටහිරින් පිහිටි ගෝල්ඩන් ප්ලේන්ස් ෂයර් ප්‍රදේශයේ තාරාවන් ගොවිපලක් මෙලෙස වෛරසය හඳුනා ගත් නවතම ස්ථානය ලෙසටයි වාර්තා වන්නේ.

මෙරිඩිත් සහ ලෙත්බ්‍රිජ් හි ස්ථාන පහක මේ වන විට කුරුළු උණ රෝගය හඳුනාගෙන ඇති අතර එම සියලු දේපල නිරෝධායනය කර සියලුම කුකුළු මස් ආරක්ෂිතව බැහැර කරන බව වික්ටෝරියා ප්‍රාන්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කුරුළු උණ වෛරසය තවදුරටත් ඉහළ යනු ඇති බවට පවතින අවදානම හේතුවෙන් කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය බිත්තර සඳහා තාවකාලික මිලදී ගැනීමේ සීමාවන් ද හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රමිති ආයතනය පෙන්වා දෙන්නේ නිසි ලෙස සකස් කළ ආහාර මගින් වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි.

වෛරසය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර වෙළඳපොලට නිකුත් කෙරෙන මස් සහ බිත්තර නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සකස් කළ ඒවා බව ද අවධාරණය කෙරෙනවා.

කුරුළු උණ හඳුනාගෙන ඇති ගොවිපල නිරෝධායනය කර ඇති අතර සතුන් සහ නිෂ්පාදන හුවමාරු වීම සීමා කර ඇති බවයි ජනතාවට දැනුම් දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »