මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

මේ හේතුවෙන් ගිනිකොනදිග ඔස්ට්‍රේලියානු කලාපයේ ජීවත් වන මිලියන සංඛ්‍යාත ජනතාවකට සති අන්තයේ දැඩි සීත කාලගුණයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙල්බර්න්හි උෂ්ණත්වය අද උපරිම වශයෙන් සෙල්සියස් අංශක 13 දක්වා පැමිණෙන අතර හෙට සහ ඉරිදා සෙල්සියස් අංශක 14ක් හෝ 15ක් පමණ වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

ඊයේ මෙල්බන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.1ක පමණ පැවති අතර එය වසර පහකට පසු වාර්තා වූ ශීතලම දිනය බව සඳහන්.

මේ අතර, කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කළේ නිව් සවුත් වේල්ස්හි ද වැසි සහ ශීතල කාලගුණික තත්ත්වයන් පැවතිය හැකි බවයි.

Sydney හි උෂ්ණත්වය සෙල්සියස් අංශයක 17ක් පමණ විය හැකි අතර හෙට සිට සවස් කාලයේ වර්ෂාව අපේක්ෂා කළ හැකි බවයි දන්වා ඇත්තේ.

ටස්මේනියාවට ශීත ඍතුවේ වැඩිම බලපෑමක් සිදුවන අතර හෝබාර්ට්හි ඉදිරි දින දෙක තුළ උෂ්ණත්වය අංශක 11ක් පමණ විය හැකි බව සඳහන්.

කාර්යාංශයේ පුරෝකථනයට අනුව මෙම සීතල තත්වය තාවකාලික එකක් පමණක් වන අතර ජූලි සිට සැප්තැම්බර් දක්වා සාමාන්‍යය ප්‍රමාණයට වඩා උණුසුම් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »