ඩොලර් ට්‍රිලියන ගණනක වත්කම් හිමි ලෝකයේ ධනවත්ම සමාගම් 10 මෙන්න

ලෝකයේ ධනවත්ම සමාගම් 10 සම්බන්ධයෙන් නව වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලොව පළමු වරට ඇමරිකා ඩොලර් ට්‍රිලියන 3.2ක වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ සන්නාමය බවට පත්වී ඇත්තේ Apple සමාගමයි.

Apple සමාගම තම සිය iPhone වල AI තාක්ෂණය ඇතුළු නව විශේෂාංග කිහිපයක් ප්‍රකාශයට පත් කර සතියකට අඩු කාලයක් තුළ Microsoft සහ Nvidia යන සමාගම් දෙකම අභිබවා යමින් ලොව වටිනාම සමාගම ලෙස පළමු ස්ථානයට පත්වීම විශේෂත්වයක්.

මෙම මාසය මුලදී ඇපල් සමාගම මෙම ලැයිස්තුවේ අංක තුන දක්වා පහත වැටී තිබුණ ද,සතියකට පසුව එහි කොටස් මිල ඇතුලු වටිනාකම් ඉහළ ගොස් ඇත්තේ එහි වාර්ෂික සමුළුවේදී හඳුන්වා දෙනු ලැබූ විශේෂාංග හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඊයේ දිනය වන විට Apple සමාගමේ වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.29ක පැවති අතර මෙම සතිය තුළ පමණක් එහි කොටස් මිල සියයට 8.8 කින් ඉහළ ගොස් තිබෙනවා.

ලෝකයේ ධනවත්ම සමාගම් 10 අතර දෙවන ස්ථානයට පත්වී ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම වන අතර ඔවුන්ගේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.28ක් වනවා.

මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටි එම සමාගම දිගු කාලයකට පසුව මෙලෙස අංක දෙක දක්වා පහත වැවී තිබෙනවා.

තුන්වන ස්ථානයට Nvidia සමාගම පත්ව ඇති අතර එහි වටිනාකම දැක්වෙන්නේ ඩොලර් ට්‍රිලියන 3.18ක් ලෙසටයි.

4 වන ස්ථානයට ගූගල් සමාගමත් 5 වන ස්ථානයට ඇමසන් සමාගමත් ශ්‍රේණිගත කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »