Search

සිඩ්නි 2ට දමා මෙල්බන් 7 වූ දැරිය නොහැකි මිල

ලෝකයේ ජනතාවට දැරිය නොහැකි මිල ගණන් සහිත නිවාස වෙළදපොළ ශ්‍රේණිගත කිරීම් අතර දෙවන ස්ථානයට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය පත්ව තිබෙනවා.

The Demographia International Housing Affordablility වාර්තාව මගින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර එහි 7වන ස්ථානයට පැමිණ ඇත්තේ මෙල්බන් නගරයයි.

ලොව දැරිය නොහැකි මිලක් යටතේ නිවාස ඇති පළමු නගර 10න් 4ක් ඇමරිකාවේ වන අතර ඔස්ට්‍රේලියාවේ නගර දෙකක් ද ඊට අයත්.

මෙම ශ්‍රේණිගතකිරීම් අනුව ලොව දැරිය නොහැකි නිවාස මිලගණන් සහිත නගරය බවට හොංකොං පළමු ස්ථානයටත් තුන්වන ස්ථානයට කැනඩාවේ Vancouver නගරයත් පත්ව තිබීම විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීමේ පිළිවෙලින් 4 සිට 6 දක්වා ස්ථාන ඇමරිකාවේ Honolulu, San Jose සහ Los Angeles යන නගර හිමිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයද ලොව දැරිය නොහැකි නිවාස මිල ගණන් සහිත නගර අතර 20 වන ස්ථානයට පත්ව ඇති අතර ඇඩිලේඩ් 9වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

එම පර්යේෂණය වාර්තාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, හොංකොං, අයර්ලන්තය, නවසීලන්තය, සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ ඇමරිකාව යන රටවල් අටක මධ්‍යම ආදායම්ලාභී නිවාස සම්බන්ධයෙන් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇතැයි සඳහන්.

2023 තුන්වන කාර්තුවේ දත්ත පදනම් කර ගනිමින් කළ සමීක්ෂණයේදී රටවල් අටේම නගර 94ක් අඩුම මිල ගණන්වල සිට වඩාත්ම දැරිය හැකි මිල දක්වා ශ්‍රේණිගත කර තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »