වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ සහභාගි වූ තරග තුනෙන් දෙකක් ම පරාජය වූ අතර එක් තරගයක් අත්හැර දමනු ලැබුවේ වර්ෂාව හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද වූයේ ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවති තරගයයි.

එහෙත් එම තරගයෙන් බංග්ලාදේශය ජය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ තවත් එක් තරගයකට පමණක් මුහුණ දීමට ඇති අතර ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි.

එහෙත් එම තරගය කුමන අයුරකින් ජයග්‍රහණය කළ ද ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන මේ වන විට අවසන් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියක දී පළමු වටයෙන් ම ඉවත් වූ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි සැලකෙන්නේ.

මේ අතර අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඊයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජලගැලීම් තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් ෆ්ලෝරිඩා ප්‍රාන්තයෙන් පිටත්ව යාමට හැකිවී නොමැති බවයි සඳහන් වන්නේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුවී ඇත්තේ අද දිනයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ලබන 17 වනදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »