වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය රෝහල්වලට ගැටලුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා ග්‍රාමීය රෝහල් සඳහා වන අරමුදල් ඉදිරි අයවැයෙන් කප්පාදු කිරීමේ සැලසුම් අනාවරණ වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රෝහල් මණ්ඩලයේ සාමාජිකයෙකු ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු අනාවරණ කර ඇත්තේ රෝහල් 20 කට වැඩි සංඛ්‍යාවක අරමුදල් සියයට 30ක් පමණ ප්‍රමාණයක් දක්වා කප්පාදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

සෞඛ්‍ය සේවා ආයතන 25ක ප්‍රදාන කප්පාදු කරන අතර 2025 දක්වා ඔවුන්ට සංචිත ලබා ගැනීමට සිදුවනු ඇති බවට දැනුම් දී තිබෙනවා.

රෝහල්වල මූල්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර පැවති රැස්වීමකදී සැලසුම් කර ඇති කප්පාදුව පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්.

මෙම මහා පරිමාණ මුදල් කප්පාදුව කුඩා ප්‍රාදේශීය රෝහල්වල සේවාවන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම තත්වය මත රෝහල් වසා දැමීමක් සිදු නොවන අතර වික්ටෝරියා රජය සැලසුම් කර ඇත්තේ රෝහල් ඒකාබද්ධ කිරීම් සම්බන්ධ යෝජනා සලකා බැලීමට බව සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »