ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් ශ්‍රී ලංකාවට ලැබුණු තැන

ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයටයි.

නේපාලය දෙවන ස්ථානයේත් භූතානය හතරවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත් පසුවනවා.

ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර 2006 වසරේ සිට මෙම ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශයට පත් කරනු ලබනවා.

ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානයට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි.

එහි දෙවන ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නොර්වේ රාජ්‍යය තුන්වන ස්ථානයේත්, නවසීලන්තය 4 වන ස්ථානයේත් ස්වීඩනය පස් වන ස්ථානයේත් පසු වනවා.

ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 24 වන ස්ථානයයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා හොඳම රටවල් 10 අතරින් 7ක්ම යුරෝපීය රටවල් වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »