නතර කරන්න පුළුවන් වැඩක් නතර නොකළ වික්ටෝරියා සූදු මධ්‍යස්ථානයට ලැබුණු අධිකරණ නියෝගය

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සුදූ ක්‍රීඩාවෙන් ඈත් කිරීමට අපොහොසත් වීමේ චෝදනාවට වරද පිළිගත් ටැබ් ක්‍රොප් (Tabcorp) ආයතනයට ඩොලර් 370000ක දඩයක් නියම කර තිබෙනවා.

2023 වසරේ මැයි මාසයේදී පළමු වරට වික්ටෝරියානු සූදු සහ කැසිනෝ පාලන කොමිෂන් සභාව විසින් මෙම සමාගමට චෝදනා එල්ල කිරීමෙන් පසුවයි ඔවුන් මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේදී චෝදනා 43 කට වරද පිළිගෙන ඇත්තේ.

2022 වසරේ මැයි සහ 2023 වසරේ ඔක්තෝම්බර් අතර කාලයේ Tabcorp සුදූ මධ්‍යස්ථාන 13කදී 17 හැවිරිදි තරුණයෙකු අවස්ථා කිහිපයකදී සූදුවේ නිරත වී ඇති බව කොමිසම විසින් හෙළි කරගෙන තිබෙනවා.

බාලවයස්කරුවෙකු සූදු ක්‍රීඩාවේ නිරත වීම වැලැක්වීමට අපොහොසත් වූ බවත් තම ඉලෙක්ට්‍රොනික ඔට්ටු ඇල්ලීමේ පර්යන්ත නිසි ලෙස අධීක්ෂණය නොකළ බවත් සමාගම පිළිගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Tabcorp ප්‍රකාශකයෙකු සඳහන් කළේ, බාලවයස්කරුවන්ට තම ක්‍රීඩා මධ්‍යස්ථානවල සූදුවේ නිරත වීම අවහිර කිරීම වෙනුවෙන් ගෙන ඇති සැලකිය යුතු පියවර මහේස්ත්‍රාත්වරයා විසින් හඳුනාගෙන ඇති බවයි.

බාල වයස්කරුවන් සූදුවෙන් වැලැක්වීම ඇතුළුව ආරක්ෂිත ක්‍රියාමාර්ග සඳහා තම අධ්‍යක්ෂ මණ්ඩලය සහ විධායක කණ්ඩායම ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බවයි සූදු සහ කැසිනෝ පාලන කොමිෂන් සභාව අවධාරණය කළේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »