වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ ඇති ගොවිපළවලින් බිත්තර නිදහස් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පැතිර යන කුරුළු උණ වෛරසය හමුවේ නිරෝධායනයට ලක් කර ඇති ගොවිපළවලින් බිත්තර මිලියන ගණනක් මුදා හැරීමට සැලසුම් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙල්බර්න් නගරයට ආසන්නයේ ප්‍රදේශ කිහිපයක බිත්තර ගොවිපලවල් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

කෙසේවෙතත් එම බිත්තර පාරිභෝගිකයින්ට අලෙවි කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

කුරුළු උණ වෛරසය සඳහා සෘණාත්මක ප්‍රතිඵලයක් ලබා දී නිරෝධායනයට ලක් කර ඇති ගොවිපළවලින් බිත්තර ගෙනයාමට බලපත්‍ර ලබාදෙන බවයි පැවසෙන්නේ.

පශු වෛද්‍ය පීටර් ස්කොට් පැවසුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල නිවැරදි ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ආරක්ෂිත ගොවිපලවල්වල ගබඩා කර ඇති ආහාරයට ගැනීමට සුදුසු බිත්තර මිලියන ගණනක් ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වූ දරුණුතම ව්‍යාප්තියට වික්ටෝරියා ප්‍රාන්තය මුහුණ දෙමින් සිටින අතර කුරුලු උණ පැතිරීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ගොවිපල පහක කිකිළියන් 800,000ක් පමණ මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කුරුළු උණ වෛරසය ඇති බවට හඳුනාගෙන ඇති ගොවිපලවල බිත්තර විනාශ කරන අතර දෛනිකව බිත්තර 450,000ක පමණ හිඟයක් ද මතුවී ඇති බව සඳහන්.

හොඳින් සෝදා විෂබීජ හරණය කරන ලද බිත්තර ආරක්ෂිත ලෙසට සැලකෙන අතර තැම්බූ බිත්තර හෝ පිසූ කුකුල් මස්වලින් කුරුළු උණ වැළඳීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »