BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

BBQ සෝස් ඕස්ට්‍රේලියාවේ ප්‍රියතම ආහාර රසකාරකයක් ලෙසට සැලකෙන අතර එහි අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බව කිසිවෙකු නොදන්නා කරුණක් විය හැකි බවටයි සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ.

Mingle Seasoning හි නිර්මාතෘ ජෝර්ඩින් එවන්ස් අනාවරණ කළේ ග්‍රෑම් 45ක් වූ BBQ සෝස් ප්‍රමාණයක් කොකා-කෝලා මිලිලීටර් 180ක අඩංගු සීනිවලට සමාන බවයි.

ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ කර ඇති වීඩියෝවක් සම්බන්ධයෙන් කතා බහක් නිර්මාණය වී ඇති අතර ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙම තොරතුරු විශ්වාස කළ නොහැකි බවයි.

මිලියනයකට ආසන්න ජනතාවක් මෙම වීඩියෝව නරඹා අදහස් දක්වා ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකු මෙම තොරතුරු සම්බන්ධයෙන් අවිශ්වාසයක් පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.

ජෝර්ඩින් එවන්ස් 2016 වසරේදී ආරම්භ කළ Mingle ආයතනය මගින් ලබා දෙන සියලුම ආහාර ශාක පදනම් වූ නිෂ්පාදන වන අතර ඒවායෙහි ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු බව බව සඳහන්.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »