ශීතල නිසා මෙල්බන් නගරය වාර්තා අතරට එක්වෙයි?

මෙම වසරේ ශීතල අධිකම නගරය ලෙස මෙල්බන් නගරය පත්වනු ඇති බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඊයේ දිනයේ මෙල්බන්හි සෙල්සියස් අංශක 12.9ක පමණ අවම උෂ්ණත්වයක් වාර්තා වීමත් සමග කාලගුණ අංශ මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි සඳහන්.

පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා මෙල්බන් නගරයෙන් වාර්තා වූ ශීතලම දිනය ඊයේ බව අදාළ වාර්තාවල දැක්වෙනවා.

ශීත කාලගුණය හේතුවෙන් ඉදිරි දිනවල වික්ටෝරියා ප්‍රාන්තයේ සුළං තත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනාවැකි පළ කර තිබෙනවා.

විශේෂයෙන් හෙට දිනයේ මෙල්බන් අවට සුළං සහිත කාලගුණික තත්වයක් පවතිනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඉදිරි සතිය තුළ සිඩ්නිහි අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩු වනු ඇතැයි ද කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »