ජීවන වියදම වත් දරාගන්න බැරි ඔස්ට්‍රේලියානුවන්ට තවත් බරක්

Centrelink ගෙවීම් කරන ඔස්ට්‍රේලියානුවන්ට මූලික ජීවන වියදම් පවා දැරිය නොහැකි බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

අද නිකුත් කරන ලද ඇන්ග්ලි කෙයා (Anglicare Australia’s) දර්ශකය අනුව නව රැකියා සොයන්නන් ගණන ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

මෙම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා ආහාර සහ සිල්ලර බඩු වැනි අත්‍යවශ්‍ය දෑ ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් මතුව ඇති බවයි.

ප්‍රවාහන වියදම් සහ වෛද්‍ය වියදම් සැලකීමේදී සාමාන්‍යයෙන් Centrelink ගෙවීම් කරන්නන් සෑම සතියකම ඩොලර් 135ක පමණ හිඟයකට මුහුණ දෙන බව වාර්තා වනවා.

වයස අවුරුදු 35ට අඩු තනි පුද්ගලයකු සඳහා ද ජීවන වියදම ඉහළ ගොස් ඇති අතර ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකට ජීවිතයේ මූලික අවශ්‍යතා පවා දැරිය නොහැකි බව මෙමගින් අනාවරණ වී තිබෙනවා.

ඉහළ යන නිවාස කුලී වියදම් සහ අත්‍යවශ්‍ය භාණඩ මිල හේතුවෙන් ඔවුන් දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

Centrelink ගෙවීම් ක්‍රමයේ පවතින දෝෂ හමුවේ ජනතාව තවදුරටත් දරිද්‍රතාවයෙන් මීදිමට උපකාරි වනවා වෙනුවට තව තවත් අන්ත දරිද්‍රතාවට පත් කරන බව ද එමගින් ප්‍රකාශ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »