ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

විරැකියා අනුපාතය පසුගිය මැයි මාසයේ සුළු වශයෙන් පහත වැටුණු අතර නව රැකියා 40,000ක් ආර්ථිකයට එක් වීමත් සමග විරැකියාව සියයට 0.1කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්තවලට අනුව මැයි මාසයේ රැකියා විරහිත අනුපාතය අප්‍රේල් මාසයේ පැවති සියයට 4.1ට වඩා පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

නව රැකියා අවස්ථා 40,000කින් පමණ ඉහළ යාමත්, රැකියා විරහිතයින් සංඛ්‍යාව 9000කින් පහත වැටීමත් සමඟ, විරැකියා අනුපාතය සියයට 4.0 දක්වා පහත වැටී ඇති බව කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානී Bjorn Jarvis සඳහන් කළා.

මැයි මාසයේදී සමස්ත රැකියා විරහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 9000කින් පහත වැටී ඇති අතර, මෙය අප්‍රේල් මාසයේදී පැවතුණේ 33,000ක් ලෙසටයි.

ඒ අනුව වර්තමානය වන විට ඔස්ට්‍රේලියායාවේ ජනගහනයට සාපේක්ෂව රැකියා අනුපාතිකයද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතිබවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳ පළෙහි සැලකියයුතු වර්ධනයක් පෙන්නුම් කරන බව සදහන් වනවා

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »