වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම පැය තුනකට වරක් ළමයින් සම්බන්ධ වන කිසියම් හෝ අපරාධයක් සිදුවන බවටයි වාර්තා වන්නේ.

ඇප කොන්දේසි මත නිදහස් කර ඇති මෙම බාල වයස්කරුවන් නැවත නැවත වැරදි කිරීම හමුවේ ප්‍රාන්ත ආරක්ෂක අංශ දැඩි කලකිරීමට පත්ව සිටින බව සඳහන්.

ප්‍රාන්තයේ දරුණුතම තරුණ අපරාධකරුවන් 20 දෙනා වයස අවුරුදු 13ක් තරම් කුඩා වයස්වල පසුවන අතර සොරකම් 30ක් සහ අත්අඩංගුවට ගැනීම් පහක් සමඟින් ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ 15 හැවිරිදි පිරිමි ළමයෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.

මෝටර් රථ සොරකම් ඇතුලු සොරකම්වලින් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයකට මෙම කණ්ඩායම වගකිව යුතු බව වාර්තා වී තිබෙනවා.

හෙරල්ඩ් සන් පුවත්පත වාර්තා කළේ මෙල්බර්න්හි සිටින එක් තරුණ අපරාධකරුවෙකුට එල්ල වී තිබූ චෝදනා 388ක් ඔහුගේ ක්‍රියාවන් වැරදි බව තේරුම් ගැනීමට ළමයා කුඩා වැඩි වීම යන නෛතික උපකල්පනය මත ඉවත් කර ගෙන ඇති බවයි.

මෝටර් රථ සොරකම්, නිවාස බිඳීම්, ඉන්ධන පිරවුම්හල් කඩා බිඳ දැමීම් සහ මෝටර් රථ කොල්ලකෑම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

මෙම ළමයින් කණ්ඩායමට එරෙහිව රජය ක්‍රියා නොකරන හේතුව පිළිබඳ වික්ටෝරියා විපක්ෂය ප්‍රශ්න කරන අතර ඔවුන්ට නිසි දඬුවම් ලබාදී පුනරුත්ථාපනය කළ යුතු බවයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »