වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය Clare O’Neil විසින් පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වා දුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන ජූලි මස පළමුවනදා සිට Visitor Visa හිමියන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට Student Visas සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

අමාත්‍යංශය පෙන්වා දුන්නේ පසුගිය වසරේ ජූලි පළමුවනදා සිට මෙම වසරේ මැයි මස අවසානය දක්වා Visitor Visa හිමියන්ගෙන් Student Visas අයදුම්පත් 36,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

එමගින් පෙන්නුම් කෙරෙන්නේ රැඳී සිටින පුද්ගලයින් Student Visas ඉල්ලුමට වැඩි වැඩියෙන් යොමු වීමක් බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

මීට අමතරව ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි Temporary Graduate Visa හිමියන්ට බලපත්‍රලාභීන්ට Student Visas සඳහා අයදුම් කිරීමට තවදුරටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ ග්‍රැටන් (Grattan Institute) ආයතනයේ වාර්තාවක සඳහන් කර තිබූ ගැටලුවක් විසඳීමට මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ Temporary Graduate Visa බලපත්‍රලාභීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැඩිදුර අධ්‍යාපනය සඳහා නැවත පැමිණෙන අතර බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කර ගැනීම බවයි.

Temporary Graduate Visa හිමියන්ගෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් ඔවුන්ගේ වීසා කාලය අවසන් වන විට ස්ථිර පදිංචිය සොයා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බව හෙළිවී තිබෙනවා.

උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා වැඩි වශයෙන් ලාභදායී වෘත්තීය පාඨමාලාවල වැඩිදුර අධ්‍යාපනයට නැවත පැමිණෙන බවයි පැවසෙන්නේ.

රජය එම මාර්ගය අවහිර කරමින් ඔවුන් හරවා යැවීමට කටයුතු කරමින් සිටින අතර උපාධිධාරීන් තම හැකියාවන්ට අදාළ රැකියා සොයා ස්ථීර පදිංචිකරුවන් විය යුතු බව අවධාරණය කෙරෙනවා.

එසේ නැතහොත් තාවකාලික පදිංචිකරුවන් නොවී රට හැර යා යුතු බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර ඇත්තේ.

රජයේ ඉලක්කය වන්නේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කටයුතු කරන සැලසුම් සහගත, උපායමාර්ගික සංක්‍රමණ පද්ධතියක් ගොඩනැගීම බවයි අමාත්‍ය ක්ලෙයාර් ඕ නෙයිල් පැවසුවේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »