මෙල්බන් හි ජනප්‍රිය Gym එක ගිනි ගනී

මෙල්බන් නගරය ආසන්නයේ පිහිටි ජනප්‍රිය කාය වර්ධන මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද අලුයම හටගත් මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 30කට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කාය වර්ධන මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇති බවට හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය ඇතුලු නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබුණා.

අලුයම 5 පමණ වන විට ගින්න පාලනය කළ බව වික්ටෝරියා ප්‍රාන්ත ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර මෙය සැක සහිත ගින්නක් ලෙසටයි සැලකෙන්නේ.

Nitro Gym ලෙස හැඳින්වෙන මෙම කාය වර්ධන මධ්‍යස්ථානයට ගින්නෙන් දැඩි අලාභ හානි සිදුවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »