Search

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකුට වැරදි ලෙස කොරෝනා එන්නත් ලබා දුන් බවට වාර්තා වේ.

ඊයේ COVID-19 ෆයිසර් එන්නත බ්‍රිස්බේන් හි වයස්ගත සත්කාරක නිවාසයක සිටින දෙදෙනෙකුට වැරදි ලෙස ලබා දී ඇති බවට වාර්තා වේ. ඒ 88 හැවිරිදි පුරුෂයෙකුට සහ 94 හැවිරිදි කාන්තාවකට යි.

මාත්‍රාව කොපමණ ප්‍රමාණයක් ලබා දී ඇත්දැයි ඇසූ විට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ නිර්දේශිත මාත්‍රාව මෙන් හතර ගුණයක් ලබා දී ඇති බවට වාර්තා වී ඇති නමුත් එය තවමත් විමර්ශනය කරමින් පවතින බවයි.

මෙලෙස​ නිර්දේශිත මාත්‍රාවට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දුන් වෛද්‍යවරයා අවශ්‍ය එන්නත් පුහුණුව සම්පූර්ණ කර නොතිබුණු බවට සඳහන්.

ක්වීන්ස්ලන්තයේ වයස්ගත සත්කාරක නිවැසියන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් වගකිව යුතු HealthCare Australia පැවසුවේ සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් ඕස්ට්‍රේලියානු හෙද විද්‍යාලය හරහා ලබා දෙන පුහුණුව සම්පූර්ණ කර ඇති බවයි.

කෙසේ වෙතත්, ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පාර්ලිමේන්තුවට පැවසුවේ HealthCare Australia මේ වන විට සිය උපදෙස් සංශෝධනය කර ඇති අතර වෛද්‍යවරයා අවශ්‍ය පුහුණුව සම්පූර්ණ කර නොමැති බවයි.

වැරදි මාත්‍රාව ලබා දුන් වෛද්‍යවරයා  එන්නත වැඩසටහනෙන් ඉවත් වී ඇත.