තමන්ම හැදූ බෑගය විකුණන්න ගිය මෙල්බන් කාන්තාවකට නොසිතූ කරදරයක්

තමන් විසින්ම නිෂ්පාදනය කරනු ලැබූ අත් බෑගයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීමට ගිය මෙල්බන් පදිංචි කාන්තාවක් පහරකෑමකට ලක්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ අත් බෑගය මිලදී ගැනීමට බව පවසමින් පැමිණි කාන්තාවක් සහ තවත් අයෙක් බෑගය නිෂ්පාදනය කළ කාන්තාවට පහරදී එය රැගෙන පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙල්බන් පදිංචි කාන්තාව අදාළ ගැනුම්කරුවන් හඳුනාගෙන ඇත්තේ බෑගය අලෙවි කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ පල කළ දැන්වීමකට ලැබුණු ප්‍රතිචාර අනුවයි.

බෑගය මිලදී ගැනීමට පෙර එය පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව පැවසූ කාන්තාවක් මෙන්බන් නගරයට පැමිණ පරීක්ෂා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු එය නිෂ්පාදනය කළ කාන්තාවට පහරදී බෑගය රැගෙන පළාගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

එම සැකකරු සහ මිලදී ගැනීමට පැමිණි කාන්තාව එකිනෙකා හඳුනන අය වන අතර මෙය සැලසුම් කළ පැහැර ගැනීමක් බවට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

එම යුවළ බෑගය අලෙවි කර එහි මුදල් ඔවුන් දෙදෙනා අතර බෙදාගෙන ඇති බවට ද පොලිසිය අනාවරණ කරගෙන ඇතැයි සඳහන්.

සිද්ධියට අදාළව අවුරුදු 21 වයසේ පසුවන සැකකරු සහ 28 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඔක්තෝම්බර් මස 9 වනදා බ්‍රෝඩ්මිඩෝස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »