වික්ටෝරියා ප්‍රාන්ත දේශසීමාවේදී මවක් සහ දියණයක් අතුරුදන්

නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත දේශසීමා ආසන්නයේදී අතුරුදන් වූ මවක් සහ දියණියක් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

35 හැවිරිදි කාන්තාව සහ ඇයගේ අවුරුදු 2ක් වයසැති සිඟිති දියණිය පසුගිය බ්‍රහස්පතින්දා ලැවින්ටන් (Lavington) නගරයේ දී අවසන් වරට දැක ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ඇයගේ අතුරුදන්වීම පිළිබඳ ඉතා ශෝකයට පත්ව සිටින අතර ඔවුන් දෙදෙනා සොයා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

එමිලි නම් වූ මෙම මව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලියාපදිංචි නිල් පැහැති මැස්ඩා වර්ගයේ රථයකින් ගමන් කරමින් සිට තිබුණා.

මෙම මව සහ දියණිය සිටින ස්ථානය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට 1800 333 000 අංකයෙන් මරේ රිවර් පොලිසිය හෝ වෙනත් ඕනෑම ආරක්ෂක අංශයකට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »