ශ්‍රී ලංකා නේපාල තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමේ

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.

පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කෙරුණේ නැහැ.

වැසි තත්වය හේතුවෙන් මෙම තරගය අත්හැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම සම තත්වයෙන් ප්‍රසාද ලකුණු හිමිව තිබෙනවා.

2024 පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීම පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

මේ වන විට, සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ දක්ෂතාව මත පමණක් රඳා නොපවතින තත්ත්වයක පවතින අතර වෙනත් කණ්ඩායම් කිහිපයක ජය පරාජයන් ද ඊට අවශ්‍ය වනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් විශාල පරතරයකින් ජය හිමි කර ගනිමින් ලකුණු සාමාන්‍යය ඉහළ දමා ගත යුතුයි.

ඊට අමතරව D කාණ්ඩයේ කණ්ඩායම් 4 ඔවුන් සහභාගි වන තරගවලින් අවම වශයෙන් දෙකකින් පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 8 අතරට පිවිසීමේ අවස්ථාවක් හිමි වනු ඇති.

එහෙත්, එය ද අතිශය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව විචාරකයින්ගේ අදහස යි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේ තවදුරටත් ඉදිරියට යාමට නම් මීළඟ තරඟයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කිරීම සිදුවන අතර නේපාලය සහ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගවලින් බංග්ලාදේශය පරාජයට පත්විය යුතු වනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »