සිඩ්නිවල ජනප්‍රිය බියර් නිෂ්පාදනාගාරය වැසේ

දශක තුනකට වැඩි කාලයක් සිඩ්නිහි ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබූ බියර් නිෂ්පාදනාගාරයක් වසා දැමීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙනවා.

සිඩ්නි මෝල්ට් ෂෝවල් බෲවරි (Sydney’s Molt Shovel Brewery) නම් මෙම ආයතනය වසා දැමීමට සූදානම් වන්නේ ජීවන වියදම් අර්බුධය සහ බියර් අලෙවිය අඩුවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

හිමිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු මාසය අවසානයේදී බීර නිෂ්පාදනාගාරය වසා දැමීමට තීරණය කර ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ බියර් කර්මාන්තයේ නිරත සියලුදෙනාට මෙය දුෂ්කර කාලයක් වන අතර 2019 වසරේ සිට සමස්ත නිෂ්පාදන පරිමාව ලීටර් මිලියන 100කින් පහත වැටෙමින් ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ලයන් ඕස්ට්‍රේලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජේම්ස් බ්‍රින්ඩ්ලි කියාසිටියේ අඛණ්ඩ ජීවන වියදම් පීඩනය, බලශක්තිය, ශ්‍රමය සහ අමුද්‍රව්‍ය වැනි වියදම්වල අඛණ්ඩ වැඩිවීම් මෙන්ම රජයේ සුරාබදු හේතුවෙන් සේවා පවත්වාගෙන යාම අපහසු වී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »